මෙරට භූ කම්පන පිළිබඳ දත්ත ලබා ගැනීමට අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනය මත නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ඉදි කෙරෙනවා.
ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 10ක්.
ශ්‍රී ලංකාවේ පිහිටිම අනුව භූ කම්පන දත්ත නිවැරදිව ලබා ගැනීමටනම් නැගෙනහිර හා බටහිර කලාපවල භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථාන ඉදිකළ යුතුයි.
මේ අනුවයි අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසන භූමියෙහි භූ කම්පන මධ්‍යස්ථානයක් ඉදි කෙරෙන්නේ.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් එය සිදු කෙරෙනවා.
මෙහි කටයුතු සොයා බැලීමට එහි අධක්ෂ ජෙනරාල් සී එච් ඊ ආර් සිරිවර්ධන, සභාපති ඉංජිනේරු අනුර වල්පොල යන මහත්වරුන් ඇතුළු පිරිසක් සංචාරයක නිරතවුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/OF5fygaWALs”]