සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්රිකට් තරගයෙන් කඩුලු 10ක ජයක් වාර්තා කිරිමට ශ්රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.
හරාරේහී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 358ක් රැස් කළා. ශ්රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සදහා කඩුලු 09ක් දැවි ලකුණු 515ක් ලබා සිටියේ ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
දෙවන ඉනිම ක්රිඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 170ක් රැස් කළා. ඒ අනුව තරගය ජය ගැනිමට ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 14ක ඉලක්කයක් හිමි වූ අතර එය පන්දුවාර තුනක් අවසානයේ දී කිසිදු කඩුල්ලක් නොදැවි පසු කර යාමට ඔවුන් සමත් වුණා.
දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරගය ලබන 27වනදා හරාරේ ක්රිඩාංගනයේදී පැවැත්විමට නියමිතයි.