මාරාන්තික කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 25 දක්වා ඉහළට
Related Articles
චීනයේ පැතිරයන කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
830 කට රෝගය ආසාධනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ආසාදනය වූවන්ගෙන් 177 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි එරට සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.
සංචාරකයින්ට රෝගය පැතිරයාම වැළැක්වීම හේතුවෙන් චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයට ඇතුළුවීම සහ පිටවීම තහනම්කර ඇති බවයි වාර්තා වන්නේ.
බීජිං අගනුවර නව අවුරුදු උදාව සැමරීම වෙනුවෙන් සංවිධානකර තිබූ උත්සව කිහිපයක් ද නවතාදමා ඇති බව සදහන්.
වූහාන් නගරයේ සිනමා ශාලා වසා දමා ඇති අතර ප්‍රදර්ශන ද නවත්වා තිබෙනවා.
නගරයේ සියලු දෙනාට මුහුණු ආවරණ පැළද ගමන් ගන්නා ලෙසටද එරට බලධාරීන් නිවේදනයකර තිබෙනවා.