කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙකකට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
යාපනය කඩෙයිකාඩු ප්‍රදේශයේ වෙරළ තීරයේ සිදුකළ සෝදිසි කිරීමකදීයි කේරළ ගංජා සොයාගෙන තිබෙන්නේ.
සොයාගත් කේරළ ගංජා තොගය පලෙයි පොලීසියට භාරදී තිබෙනවා. මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සදහා නාවික හමුදාව විශාල කාර්යභාරයක් සිදුකරනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට දැඩි උත්සාහයක් දරනවා.
ඒවා වැළැක්වීම සදහා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක බවයි නාවික හමුදාව පවසන්නේ.