fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තර අධිකරණයෙන් මියන්මාරයට නියෝගයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2020 10:10

ජාත්‍යන්තර අධිකරණයෙන් මියන්මාරයට නියෝගයක්

රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් සමූල ඝාතනය කිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජාත්‍යන්තර අධිකරණය මියන්මාරයට නියෝග කර තිබෙනවා.

අපි‍්‍රකාවෙන් මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන ගැම්බියාව මියන්මාර හමුදාවට එරෙහි පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේ ම‍ෙම නියෝගය නිකුත් කළා.

2017 වසරේ රෝහින්ග්‍යා වැසියන් දහස් ගණනක් මියගොස් තිබෙනවා. තවත් හත් ලක්ෂයකට වැඩි පිරිසක් බංගලිදේශයට පළාගියා.

ගැටලුව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මියන්මාර නායිකා අවුන්සාන් සුකි ජාත්‍යන්තර අධිකරණය හමුවේ පෙනීසිටියා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2020 10:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්