ජයම්පති වික්‍රමරත්න මහතා එක්සත් ජාතික පක්ෂයේ පත්කළ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සදහා සමන් රත්නප්‍රිය මහතා නම් කර තිබෙනවා. මෙම පත් කිරිම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අද දිනයේ අදහස් පළ කළා.
ඒ අනුව සමන් රත්නප්‍රිය මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇති බවයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ජඹුරේවෙල චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ සමන් රත්නප්‍රිය මහතාට එරෙහිව නීති කටයුතු ක්‍රියාත්මක වන අවස්ථාවේ මෙවැනි පත් කිරීමක් සිදු කිරීම නුසුදුසු බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/CLq832T8J4Y”]