වැඩතහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබාගන්නා ලෙසට නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් ලබාදී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා සමග කළ දුරකතන සංවාදයට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙසයි නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ. ඒ අනුව ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තුවක් ලබා ගන්නා මෙන් නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දුන්නා. රන්ජන් රාමනායක මහතා සමග දුරකතන සංවාද පැවැත්වූ විනිසුරුවරුන් කිහිප දෙනෙකු පිළිබදවද මේ වන විට පරික්ෂණ ක්රියාත්මකයි.