අල්ලස් චෝදනාවකට වරදකරු වූ නිකවැරටිය හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියකට වසර 10 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතායි නියෝගය නිකුත් කළේ. 2011 වසරේදී අභ්‍යාසලාභී ගුරුවරියක ස්ථිර සේවයේ පිහිටුවීම සදහා රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ලබාගත් බවටයි ඇයට චෝදනා එල්ල වුණේ.
නඩුවේ තීන්දුව අද (23) ප්‍රකාශයට පත්කළා. ඒ අනුව සිර දඩුවමට අමතරව රුපියල් විසි දහසක දඩයක්ද නියම කර තිබෙනවා.