ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධාන කළ අන්තර් සමාජ පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ ශුරතාව දිනා ගැනිමට සීසීසී කණ්ඩායම සමත්වුණා. ඒ හලාවත මේරියන්ස් කණ්ඩායම කඩුලු 04කින් පරාජයට පත් කරමින්.
කොළඹ එස්එස්සී ක්රිඩා පිටියේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් හලාවත මේරියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 08ක් දැවි ලකුණු 162ක් රැස් කළා. නායක ෂෙහාන් ජයසුරිය ලකුණු 80ක් ලබා ගත්තා. ජයග්රහණය සදහා ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය සීසීසී කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 06ක් පමණක් දැවි එම ඉලක්කය පසු කළා. වනිදු හසරංග නොදැවි ලකුණු 60යි.