ලංකා ගමනාගමන මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් ජනතාවගෙන් ලැබෙන පැමිණිලි විමර්ශනයට කමිටුවක් පත් කර තිබෙනවා.
ලංකා ගමනාගමන මණ්ඩලයේ මෙන්ම ඩිපෝවල ඇති ගැටලු සම්බන්ධයෙන් පැමිණිලි මේ වන විටත් ලැබී තිබෙනවා. ඒවා විමර්ශනය සදහා අමාත්‍ය මහින්ද අමරවීර මහතායි මෙම කමිටුව පත් කර තිබෙන්නේ.
ගැටලු විමර්ශනයෙන් පසු සති දෙකක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා. කමිටුවේ සභාපතිවරයා ලෙස ක්‍රියා කරන්නේ ප්‍රවාහන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සැපයුම් තිලකරත්න බණ්ඩා මහතායි.