fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන පිළිබද සංගණනයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2020 09:22

පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන පිළිබද සංගණනයක්

වෛද්‍යවරුන් සතු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන පිළිබදව සංගණනයක් සිදුකරන බව අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ප‍්‍රකාශ කළා.

ලබන මැයි මස පළමුවනදා සිට එය ආරම්භ කිරිමයි සැලැස්ම. පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව පිළිබද අවසන් වරට සංගණනයක් සිදුකර තිබෙන්නේ 2017 වසරේ දි. ඒ වන විට ලියාපදිංචිව තිබු වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව 657ක්.

ප‍්‍රමිිතියෙන් තොරව කි‍්‍රයාත්මක කරන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන හේතුවෙන් ගැටලු රැසක් උද්ගතව ඇති බවයි අමාත්‍යවරිය සදහන් කළේ.

මේ අතර කිරිපිටි ආනයනය සිීමා කිරිමට ඇති හැකියාව පිළිබදව ද සොයා බලා කඩිනමින් සුදුසු කි‍්‍රයාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරිය පෙන්වා දුන්නා. ජනතාව තුළ දියර කිරි භාවිතය ඉහල නැංවිම සදහා වැඩසටහන් කි‍්‍රයාත්මක කිරිමත් අපේක්ෂාවක්.

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2020 09:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්