චීනය පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා විශේෂ යන්ත්‍ර 3 ක් කටුනායක ගුවන්තොටුපොළේ ස්ථාපනය කර තිබෙනවා.
මෙම යන්ත්‍ර තුළින් ස්වයංක්‍රීයව මෙරටට පැමිණෙන ගුවන් මගීන්ගේ සිරුරුවල උෂ්ණත්වය පරික්ෂා කළ හැකියි. එහිදී රෝගී පුද්ගලයෙකු වාර්තා වුවහොත් ඔවුන් කඩිනමින් අයිඩිඑච් උණ රෝහල වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා.