fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලක්ෂයකට රැකියා ලබාදීමේ සම්මුඛ පරීක්ෂණ ලබන 26 සිට

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2020 18:59

ලක්ෂයකට රැකියා ලබාදීමේ සම්මුඛ පරීක්ෂණ ලබන 26 සිට

බහුකාර්ය සංවර්ධන කාර්යසාධන බලකාය මගින් අඩු ආදායම් ලාභීන් අවම අධ්‍යාපන සුදුසුකම් සහිත ලක්ෂයකට රැකියා ලබාදීමේ  වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා. ඊට අදාළ සම්මුඛ පරික්ෂණ ලබන මස 26 වනදා සිට දින 05 ක් තුළ පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. අදාළ පුහුණු කාලසීමාව තුළ මසකට රුපියල් 22500 ක දීමනාවක් ගෙවීම සිදු කෙරෙනවා.

ග්‍රාමනිලධාරීවරයාගේ නිර්දේශය සහිතව ලබන මස 20 වනදාට පෙර මේ සදහා අයදුම්පත්‍ර තම ප්‍රාදේශීය ලේකම් වෙත භාරදිය යුතුයි. නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය වන අතර වැරදි තොරතුරක් ඉදිරිපත් කර ඔප්පු වුවහොත් රැකියාව අත්හිටුවීම ඇතුළු විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කෙරෙනවා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී  හා ප්‍රාදේශීය ලේකම් නම් කරන වෙනත් ස්ථානයකදී තෝරාගෑනීමේ සම්මුඛ පරික්ෂණ ලබන මස 26 වනදා සිට ආරම්භ කෙරෙනවා. බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකාය විසිනුයි එම සම්මුඛ පරික්ෂණ පවත්වන්නේ.

තෝරාගත් අයදුම්කරුවන්ට පුහුණුවීමේ ලිපිය ප්‍රාදේශීය ලේකම් සහ ග්‍රාමනිලධාරීන්   මගින් ලබා දෙනු ඇති. පුහුණුවීම් මාර්තු 02 වනදා ආරම්භ කිරීමට නියමිතයි. පුහුණුවෙන් පසු ඔක්තෝම්බර් පළමුවෙනිදා සිට විශ්‍රාම වැටුප් හිමි ස්ථිර සේවකයින් ලෙස  පත්කිරීම සිදු කෙරෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2020 18:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්