කෙරෝනා වෛරසය මුලින්ම පැතිරුණ චීනයේ වුහාන් ප්‍රාන්තයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීන බලධාරීන් අනතුරු අගවා තිබෙනවා.
එම ප්‍රාන්තයේ මිලියන 8.9 ක පිරිසක් ජීවත්වනවා. ඔවුන්ට ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන මගහැර සිටින ලෙසටයි උපදෙස් දී ඇත්තේ. මේ වනවිට වෛරසය බෝවීම පාලනය කිරීම හෝ නැවැත්වීම අපහසුවී තිබෙනවා. උණ, කැස්ස සහ ශ්වසන අපහසුතාවන් මෙහි මූලික රෝග ලක්ෂණයි. වෛරසය නව මුහුණුවරකින් පැතිරයා හැකි බවට ද අනතුරු අගවා තිබෙනවා. චීනයේ නව අවුරුදු උදාව සැමරීම සදහා විවිධ රටවලින් ජනතාව පැමිණෙමින් සිටිනවා. ඔවුන්ට වෛරසය ආසධනය විය හැකි බැවින් ගුවන් තොටුපල ආරක්ෂාව තර කිරීමට ද පියවර ගෙන ඇති බව සදහන්. උත්සව සමය හේතුවෙන් වෛරසය ශීඝ්‍ර යෙන් පැතිරීමේ අවදානමක් ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. ඇමෙරිකාව, ජපානය, තායිලන්තය, කොරියාව, තායිවානය යන රටවලින් වෛරසය ආසාදිත රෝගීන් වාර්තාවී තිබෙනවා. මේ හේතුවෙන් චීනයෙන් පැමිණෙන සංචාරකයින් දැඩි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන්ට ලක්කර තම රටවලට ඇතුළුකර ගැනීමටයි රටවල් රැසක් කටයුතුකර ඇත්තේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ද ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට සාකච්ඡා කරමින් සිටිනවා. වෛරසය ආසාධනය වීමෙන් මේ වනවිට චීනයේ පුද්ගලයින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 440 වැඩි පිරිසකට එය ආසාධනය වී තිබෙනවා.