ටයිටැනික් නෞකාවේ සුන්බුන් ආරක්ෂා කිරීමට ගිවිසුමක්
Related Articles
ටයිටැනික් නෞකාවේ සුන්බුන් ආරක්ෂා කිරීම සඳහා ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ගිවිසුමකට අත්සන් තැබුවා.
ජීවිත 1500 ක් පමණ විනාශ කරමින් ටයිටැනික් නෞකාව උතුරු අත්ලාන්තික් සාගරයේදී අයිස් පරයක ගැටී විනාශ වූයේ 1912 වසරේදීයී. එම සාගර පතුලේ මෙම නෞකාවේ සුන්බුන් ඇති බවයි සාගර විද්‍යාඥයින් සඳහන් කළේ. එම සුන්බුන් නැරඹීමට පැමිණෙන සංචාරකයින් අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් නෞකාවේ සුන්බුන් ආරක්ෂා කර ගැනීම අපහසුවී තිබෙනවා. මෙම සුඛෝපභෝගී නෞකාව අනතුරට ලක්වන විට මගීන් සහ කාර්ය මණ්ඩලය 2229 දෙනෙකු සිටි බවයි සඳහන් වුණේ.