fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපති කී‍්‍රඩා සම්මාන උළෙල අපේ‍්‍රල් 06 වනදා

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2020 13:17

ජනාධිපති කී‍්‍රඩා සම්මාන උළෙල අපේ‍්‍රල් 06 වනදා

ජනාධිපති කී‍්‍රඩා සම්මාන උළෙල අපේ‍්‍රල් 06 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ බන්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදි.

2019 ජනවාරි පළමුවනදා සිට එම වර්ෂයේ දෙසැම්බර් 31වනදා දක්වා කාලය තුළ කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ විශිෂ්ඨ දස්කම් දැක්වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් , තාක්ෂණ නිලධාරින්, පුහුණුකරුවන් , කී‍්‍රඩා මාධ්‍යවේදින් ඇතුළු අංශ 45ක් සදහා රන් සම්මාන ප‍්‍රදානය කිරිමටයි සැලසුම් කර තිබෙන්නේ. ජීවිතයේ එක්වරක් පමණක් පිරිනමනු ලබන ජනාධිපති කී‍්‍රඩා ගෞරව නාමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ප‍්‍රදානය කෙරෙන බවද කී‍්‍රඩා අමාත්‍යාංශය පවසනවා.

සම්මාන උළෙල සදහා අයදුම්පත් ලබන සෙනසුරාදා සිට ලබාගත හැකි බවයි කි‍්‍රඩා අමාත්‍යාංශය සදහන් කළේ. තෝරාගනු ලබන සම්මානලාභීන්ගේ නාමලේඛනය පෙබරවාරි 26 , 27 සහ 28 දිනවල අමාත්‍යාංශ නිල දැන්වීම් පුවරුවේ ප‍්‍රදර්ශනය කෙරෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2020 13:17

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්