දිවයිනේ සංචාරක කලාප සියල්ලක්ම පාහේ මේ වනවිට සංචාරකයින්ගෙන් පිරී තිබෙනවා. ඒ හේතුවෙන් එම කර්මාන්ත ආශ්‍රිතව ව්‍යාපාර පවත්වන්නන්ගේ ආර්ථිකය ද ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
රට තුළ ඇති දේශපාලන ස්ථාවරය සහ සාමකාමී වාතාවරණය හේතුවෙන් සංචාරකයින්ගේ පැමිණීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ආර්ථිකය ඉහළ නැංවීමේ සුවිශේෂී පියවරක් ලෙස සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය ද රජයේ ප්රමුඛ අරමුණක්.
බෙන්තර, කළුවාමෝදර ඇතුළු දකුණු වෙරළ තීරයේ සංචාරක කලාප බොහොමයක් මේ දිනවල සංචාරකයින්ගෙන් පිරී පවතිනවා. සංචාරක කර්මාන්තයේ නිරතවූ පිරිස් ද ප්‍රකාශ කරන්නේ මෙම යහපත් වර්ධනය රටේ මෙන්ම තම ආර්ථිකයන්ට ද සුබවාදී තත්ත්වයක් උදාකර ඇති බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/3XGeKJCs_v4″]