ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝශාභියෝගය විභාගය කිරීම ආරම්භවී තිබෙනවා.
ඇමෙරිකා දේශපාලන ඉතිහාසයේ ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝශාභියෝගයක් ක්‍රියාත්මක වන්නේ තුන්වන වරටයි. ඇමෙරිකා ජනාධිපතිවරණ සටනේදී තම ප්‍රතිවාදියාට එරෙහිව කටයුතු කිරීම සඳහා යුක්රේන රජයේ සහාය ලබාගැනීම හේතුවෙනුයි මෙම දෝශාභියෝගය ඉදිරිපත් කළේ. මෙම වසරේ පැවැත්වෙන ඇමෙරිකා ජනාධිපතිවරණ සටනට ඉදිරිපත්වන ජෝ බයිඩන්ගේ ව්‍යාපාර අක්‍රමිකතා ප්‍රසිද්ධ කරන ලෙසයි යුක්රේන රජයෙන් ඉල්ලා ඇත්තේ. දිනකට පැය හය බැගින් දින හයක් මෙම දෝශාභියෝගය විභාග කිරීමට නියමිතයි. ට්‍රම්ප් අනිසි ලෙස සිය ධුරය භාවිතකර ඇති බවට චෝදනාකරමින් මෙම දෝශාභියෝගය ඉදිරිපත් වුණා. දෝශාභියෝගය සම්මතවීමට සෙනෙට් මණ්ඩලයේ තුනෙන් දෙකක බහුතර බලය ලබාගත යුතුයි.