මධ්‍යම කදුකරයෙන් හමුවූ කළු කොටි ආරක්ෂාකර ගැනීමට සියලු දෙනා දායක විය යුතු බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එම සතුන්ගේ දෛනික දිනචර්යාවට බාධා නොවන ආකාරයෙන් හැසිරීමත් මූලික අවශ්‍යතාවක්. මෙරට ජීවත්වන කොටියා ශ්‍රී ලංකාවට ආවේණික උප විශේෂයක් ලෙසයි සැලකෙන්නේ.
කළු කොටින් ජීවත්වන පරිසරයේ පවතින අදුරු ස්වභාවය හා අඩු උෂ්ණත්වය නිසා වර්ණ ප්‍රභේදයක් ඇතිවී තිබෙන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළා.