බගවන්තලාව හෙල්බොඩ වතුයායේ තේ දළු නෙළමින් සිටි පිරිසකට බඹර ප්රහාරක් එල්ල වීමෙන් 16 දෙනෙකු රෝහල්ගත කෙරුණා.
තුවාල ලැබූවන් බගවන්තලාව සහ දික්ඔය රෝහල්වෙත ඇතුලත් කෙරුණා. හෙල්බොඩ වතුයායේ පහල කොටසේ තේ පදුරක් මත බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙනුයි මෙම ප්රහාරය එල්ල වී තිබෙන්නේ. තුවාල ලැබූවන් අතර කාන්තාවන් 12 දෙනෙකු සහ කම්කරුවන් 04 දෙනෙකු වනවා.