චීනයේ පැතිර යන කොරෝනා වෛරසය ඇමෙරිකාවටද පැතිර ගොස් තිබෙනවා. එය අසාදිනය වූ පළමු ඇමෙරිකා ජාතිකයා ඊයේ දිනයේ වාර්තා වූණා.
චීනයේ සංචාරයකින් අනතුරුව එම පුද්ගලයා ඇමෙරිකාවේ සියටැල් ප්‍රදේශය වෙත පැමිණ තිබෙනවා. ඔහුගේ චීන සංචාරය පිළිබඳ සැකකළ බලධාරින් වෛද්‍ය පරික්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුවයි රෝගය පිළිබඳ තොරතුරු හෙළිවී තිබෙන්නේ. මේ වන විට චීනයේ පුද්ගලයින් 300 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජපානය ,දකුණු කොරියාව , තායිලන්තයටද මෙම වෛරසය පැතිරගොස් ඇති බව සඳහන්. වෛරසය පැතිරයාම වැළැක්වීමට ඕස්ට්‍රේලියාව සහ උතුරු කොරියාව සංචාරකයින්ට දේශසීමා සම්බාධක පැනවීමටද කටයුතු කර තිබෙනවා.