fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංචාරකයින්ගේ ආරක්ෂාවට නව පොලිස් ස්ථාන

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2020 09:07

සංචාරකයින්ගේ ආරක්ෂාවට නව පොලිස් ස්ථාන

සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බව අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා සදහන් කළා.

සංචාරක පොලිස් ස්ථාන පිහිටුවීම් අරමුණක්. මේ වනවිට එවැනි පොලිස් ස්ථාන 20 ක් පමණ දිවයින පුරා ස්ථාපිත කර තිබෙනවා. නව පොලිස් ස්ථාන 14 ක් පිහිටුවන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

පොලීසිය හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් එය ක‍්‍රියාත්මක කිරීමයි අපේක්ෂාව. නව රජය බලයට පැමිණීමත් සමඟ මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2020 09:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්