fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේදි සමාව ඉල්ලයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2020 19:44

රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේදි සමාව ඉල්ලයි

ආන්දෝලනාත්මක හඩපට සිද්ධිය සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද පාර්ලිමේන්තුවට පැමිණියා. ඒ දැඩි ආරක්‍ෂාව මධ්‍යයේයි. රාමනායක මහතාගේ හඩපට සියල්ලම සභාගත කිරීම ද සිදුවුණා.

පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගි වීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව වෙත බන්ධනාගාර රථයකින් රැගෙන ආවේ විශේෂ ආරක්‍ෂාව සහිතවයි.

විශේෂ ප්‍රකාශයක් සිදු කිරීම සදහා රන්ජන් රාමනායක මහතා ඉල්ලා සිටිය ද කතානායකවරයා ඊට අවසර ලබා දුන්නේ නැහැ. පසුව පාර්ලිමේන්තු විවාදයෙන් බැහැරව ඔහුට ප්‍රකාශයක් කිරීමට අවසර ලැබුණා. ඒ අනුව සිය විශේෂ ප්‍රකාශය මගින් රාමනායක මහතා තමන්ගේ හඩපට නිසා අපහසුතාවට පත් සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටියා.

මේ අතර රන්ජන් රාමනායක මහතා සමග දුරකථන සංවාදයක යෙදුණු බව කියන ඒ නිසාම වැඩ තහනමට ලක්ව සිටින මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ විශේෂ ප්‍රකාශයක් ලබාදුන්නා.

පැය කිහිපයක් සිය ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුවයි ඒ මහතා අපරාධ කොට්ඨාසයෙන් පිටත්ව ගියේ. මේ අතර රන්ජන් රාමනායක මහතා සමග දුරකතන සංවාදයේ නිරත වූ විශ්‍රාමික මහාධිකරන විනිසුරු පද්මිණී රණවක මහත්මිය ද ඊයේ විශේෂ ප්‍රකාශයක් ලබාදුන්නා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2020 19:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්