එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. නායකත්වය පිළිබද පක්ෂ අර්බුදය අතරතුර මෙම හමුව පැවැත්වීම ද විශේෂත්වයක්.
පෙරවරු 10 ට පමණ ආරම්භ වූ මෙම පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියා. පක්ෂයේ ඉදිරි කටයුතු මෙන්ම මේ සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු විවාද සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු සාකච්ඡාවට ගැනුණා.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා පක්ෂ සංවිධායකවරුන් අතර හමුවක් ද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ හා අනුගමනය කෙරෙන නව ක්‍රියාමාර්ග පිළිබඳ සංවිධායකවරුන් දැනුවත් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළා.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව ගැටලුව තවමත් විසඳී නොමැති පසුබිමක ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් මේ දිනවල පවතිනවා. පසුගිය බ්‍රහස්පතින්දා පක්ෂ නායකත්වය පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස් වුව ද එය මත ගැටුම් උග්‍ර වීමෙන් තීරණයක් නොමැතිවම අවසන් වුණා.
කෙසේ වුව ද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් මහජන නියෝජිතයන් ඇතුලු කිහිප දෙනෙකු මෙසේ අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/cRFVrPxXKMA”]