fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්විස් සේවිකාවගේ ජංගම දුරකතනය රජයේ රස පරික්ෂක වෙත යොමු කරන්නැයි නියෝග

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2020 16:17

ස්විස් සේවිකාවගේ ජංගම දුරකතනය රජයේ රස පරික්ෂක වෙත යොමු කරන්නැයි නියෝග

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල සේවිකා ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අයට අයත් ජංගම දුරකතනය රජයේ රස පරික්ෂක වෙත යොමු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා. ඒ ජංගම දුරකතනයේ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීම සදහායි.

ගානියා බැනිස්ටර් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක වන බැවින් ඇයගේ ජංගම දුරකතනය තානාපති වරප්‍රසාද සම්බන්ධයෙන් ඇති වියානා සම්මුති පනතේ වගන්තිය අනුව පරික්ෂාවට ලක් කල නොහැකි බව විත්තිපාර්ශ්වයේ නීතිඥවරයා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ප්‍රකාශ කලේ රසපරික්ෂකවරයා වෙත ජංගම දුරකතනය යොමුකරන්නේ විමර්ශනවලට අදාළ තොරතුරු ලබාගැනීමට බවයි. ජංගම දුරකතනය පරික්ෂා කිරීමේදී  ස්විස්ටර්ලන්ත දූත මණ්ඩල කාර්යන්වලට මැදිහත් නොවන ආකාරයට විස්තර ලබාගෙන රහස්‍ය වාර්තාවක් ලෙස අධිකරණයට විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය රස පරික්ෂකවරයිට නියෝග කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2020 16:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo