පැරගුවේ රාජ්‍යයේ සිරමැදිරියක සිරකරුවන් 75 දෙනෙකු පැනගොස් තිබෙනවා.
මෙම සිරකරුවන් පැනගොස් ඇත්තේ උමඟක් හැරීමෙන් බවයි වාර්තා වන්නේ. මෙම සිරකරුවන් අතර බ්‍රසීලයේ දරුණු මත්ද්‍රව්‍ය කණ්ඩායම් ඇතුළු මැර කණ්ඩායම් කිහිපයක සාමාජිකයන්ද වනවා. බ්‍රසීල දේශසීමා ආසන්නයේ පිහිටා තිබූ සිරමැදිරියකිනුයි මෙසේ රැදවියන් පැනගොස් ඇත්තේ. සිරකරුවන් තවමත් පැරගුවේ රාජ්‍යයේ රැදී සිටන බව සඳහන්. ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.