fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශිෂ්ඨ ක්‍රිකට් පුහුණුකරු නෙල්සන් මෙන්ඩිස් මහතාට උපහාර පිදේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2020 10:05

විශිෂ්ඨ ක්‍රිකට් පුහුණුකරු නෙල්සන් මෙන්ඩිස් මහතාට උපහාර පිදේ

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨ ක්‍රිකට් පුහුණුකරුවෙකු වන නෙල්සන් මෙන්ඩිස් මහතාට උපහාර පිදිමේ උත්සවයක් කොළඹ නාලන්ද විද්‍යාලයේ මලලසේකර ශ්‍රවනාගාරයේදී පැවැත්වුණා.

වසර 60ක කාලයක් පුරාවට ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස ක්‍රියාකරන නෙල්සන් මෙන්ඩිස් මහතා ශ්‍රී ලංකාවට දක්ෂ නම් දැරූ ක්‍රිකට් ක්‍රිඩකයින් රැසක් බිහි කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර, රොෂාන් මහනාම, අසංක ගුරුසිංහ, කුමාර ධර්මසේන වැනි ජාත්‍යන්තරයේ ශ්‍රී ලාංකේය නාමය රැන්දු ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කළේ නෙල්සන් මෙන්ඩිස් මහතායි. ඒ මහතාගේ 82වනි උපන්දිනය සැමරීමටද මෙහිදි කටයුතු සංවිධාන කර තිබුණා. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2020 10:05

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්