fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංචාරක එංගලන්ත කණ්ඩායමට ලකුණු 53ක ජයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2020 09:29

සංචාරක එංගලන්ත කණ්ඩායමට ලකුණු 53ක ජයක්

දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 53ක ජයක් වාර්තා කිරිමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුනා.

පෝර්ට් එලිසබෙත්හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලනත්ය කඩුලු 09ක් දැවි ලකුණු 499ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඔලී පොප් නොදැවි ලකුණු 135යි.  සිය පළමු ඉනිම ක්‍රිඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායමට සියලු දෙනා දැවි රැස් කර ගත හැකි වුයේ ලකුණු 209ක් පමණයි.  තරගයේ අවසන් දිනය වූ ඊයේ දින දෙවන ඉනිම ක්‍රිඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 237ක් ලබා ගත්තා. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග හතරකින් යුත් ටෙස්ට ක්‍රිකට් තරගාවලිය මේ වන විට තරග දෙකට එකක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ එංගලන්ත කණ්ඩායමයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2020 09:29

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්