ආහාර වර්ග පනහක පෝෂණය පිළිබද ජාත්‍යන්තර මට්ටමේ විශ්ලේෂණ වාර්තාවක් සකස් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
මැයි අවසන්වීමට පෙර එය ලබාදීමයි අරමුණ. රතු කැකුළු, සුදු කැකුළු, පොල්තෙල්, එළවළු ඇතුලු ආහාර වර්ග පිළිබඳව විශේෂ අවධානය යොමුවුණා. අවිදිමත් ආහාර රටාව හේතුවෙන් බෝ නොවන රෝග ව්‍යාප්තිය පාලනය කිරීමයි අරමුණ. ආහාර වර්ග කිහිපයක පළමු සාම්පල් ඉන්දියාවේ රසායනාගාරයක් වෙත යොමුකර තිබෙනවා. මාර්තු මාසයේදී ද තවත් සාම්පල් තොගයක් පරීක්ෂාව සඳහා යොමුකරන බවයි සෞඛ්‍ය අමාතයාංශය සඳහන් කළේ.