පසුගිය වසර 4 තුළ ආපස්සට ගිය ආර්ථිකය කඩිනමින් ගොඩනැංවීම රජයේ ප්රමුඛ අරමුණ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කඩා වැටී ඇති කොටස් වෙළෙඳපොළ යථා තත්ත්වයට පත් කිරීමට රජය මැදිහත්වන බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගම් නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළා. පසුගිය වසර 4 තුළ කොටස් වෙළෙඳපොළ බරපතල ලෙස කඩා වැටීමට ලක්ව තිබෙනවා. තැරැව්කාර සමාගම් විශාල සංඛ්‍යාවක් වසා දමා ඇති අතර මේ හේතුවෙන් විශාල පිරිසකට රැකියා අහිමි වුණා. විවිධ හේතූන් මත ප්‍රමාද වන අසාමූහික පනත සම්බන්ධයෙන් ද තැරැව්කාර සමාගම් වැඩි අවධානයක් යොමු කළා. අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ කිසිදු හේතුවක් මත රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණ කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවන බවයි. විදේශීය සමාගම් මෙරට ආයෝජනය කිරීම තුළින් කොටස් වෙළෙඳපොළ විදේශීය ආයෝජන ඉහළ යන බවටයි මෙහිදී අදහස් පළ කෙරුණේ.