අධිකරණය කෙරෙහි වූ ගෞරවය හා විශ්වාසය නැවත ඇති කිරීමේ වගකීම සියලු දෙනා සතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.
විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමඟ අරලියගහ මන්දිරයේ අද පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ. විද්‍යුත් මාධ්‍ය ප්රවෘත්ති අංශ ප්‍රධානීන් නැගූ ප්‍රශ්නවලට අග්‍රාමාත්‍යවරයා මෙන්ම අමාත්‍යවරුන් පිළිතුරු ලබා දුන්නා.
පෞද්ගලික අංශය ද මැදිහත් කර ගනිමින් රටේ ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කරන බවයි අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ. ව්‍යාපාරික ප්‍රජාව නගාසිටුවීම සඳහා සහන රැසක් මේ වන විට ලබා දී තිබෙනවා. බැංකු ණය ගෙවා ගැනීමට නොහැකිව අසරණ වී සිටින ව්‍යාපාරිකයන් වෙනුවෙන් හඳුන්වා දී ඇති සහන පැකේජය මින් පෙර කිසිඳු රජයකින් ක්‍රියාත්මක නොකළ බවයි මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ. එළවළු මිල ඉහළ යාම සම්බන්ධයෙන් මාධ්‍ය වේදියෙකු නැගූ පැනයට ප්‍රතිචාර දක්වමින් එළවළු සඳහා කිසිඳු බදු අය කිරීමක් සිදු නොකර බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා. පසුගිය කාල සීමාවේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය නිසා එළවළු මිල ඉහළ ගිය බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. එම් සී සී ගිවිසුම ඇතුලු සියලු ගිවිසුම් අධ්‍යයනය කිරීම සඳහා මේ වන විට කමිටු පත්කර ඇති බව ද අග්‍රාමාත්‍යවරයා කියාසිටියා. ආණ්ඩු මාරුව පමණින් ප්‍රතිපත්ති මාරු නොවන ක්‍රමයක් පිළිබඳ තමන් විශ්වාසය තබන ද බව මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා. ගැබිණි මව්වරුන් සඳහා ලබා දෙන පෝෂණ මල්ල අඛණ්ඩව ලබා දෙන බව ද අග්‍රාමාත්‍යවරයා කියාසිටියා.