ශ්‍රී ලංකාව සමඟ අධ්‍යාපන , සංවර්ධන ,තාක්ෂණ හා කෘෂිකාර්මික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් වෙත පෙන්වා දුන්නා. ඒ ශ්‍රී ලංකාවට අලුතෙන් පත්ව ආ රාජ්‍ය තාන්ත්‍රිකයන් 5 දෙනෙකු සිය අක්ත පත්‍ර භාර දුන් අවස්ථාවේදීයි.
නව රාජ්‍ය තාන්ත්‍රිකයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත අක්ත පත්‍ර භාර දීම සිදුකළේ ජනාධිපති මන්දිරයේදීයි. ශ්‍රී ලංකාවේ කටාර් නව තානාපතිවරයා ලෙස පත්ව සිටින්නේ ජස්සිම් බින් ජබීර් ජස්සින් සරූර් මහතායි. ශ්‍රී ලංකාවේ තුර්කි නව තානාපතිවරිය ලෙස රකිබේ ඩිමෙට් සෙක්‍රසියෝග්ලු මහත්මිය පත්ව සිටිනවා. විශ්‍රාමික මේජර් ජෙනරාල් මොහොමඩ් සාද් කටා මහතා ශ්‍රී ලංකාවේ පාකිස්ථාන නව මහකොමසාරිස්වරයායි. ලක්සම්බර්ග් රාජ්‍යයේ ශ්‍රී ලංකා නව තානාපති ලෙස පත්ව සිටින ජීන් ක්ලෝඩ් කුග්නර් මහතා ද ජනාධිපතිතුමා වෙත සිය අක්තපත්‍ර භාරදුන්නා. ශ්‍රී ලංකාවේ ස්ලෝවේනියා නව තානාපති ලෙස ආචාර්ය මර්ජාන් සෙන් සෙන් මහතා පත්ව සිටිනවා. ශ්‍රී ලංකාව සහ තම රටවල් අතර දිගු කාලීන සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් වර්ධනය කර ගැනීමට කැප වන බව නව රාජ්‍ය තාන්ත්‍රිකයන් ජනාධිපතිතුමා වෙත මෙහිදී ප්‍රතිඥා ලබා දුන්නා.