පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40ක් දක්වා වැඩි කිරිමට රජය සැලසුම් කර තිබෙනවා.
පළමු ශ්‍රේණියේ පන්තියක සිසුන් 35ක් විය යුතුය යන්න අධිකරණ නියෝගයක්. එම අධිකරණ තීරණය සමාලෝචනය කර සිසුන් සංඛ්‍යාව හතලිහක් දක්වා වැඩිකර ගැනිම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර ලබා ගැනිමයි අරමුණ. ඒ සඳහා කැබිනට් අනුමැතිය ද හිමිවුණා. ප්‍රාථමික පන්ති සඳහා ගුරු සහයකයින් බඳවා ගැනිමේ වැඩපිළිවෙල මඟින් පන්ති භාර ගුරුවරයට මෙතෙක් පැවති පීඩනය සහ කළමනාකරණයේ අපහසුතා මඟහැරී යන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.