පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති සහ හිටපු අගමැති ඇතුළු අදාළ පාර්ශ්වයන්ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින ලබා දුන්නා.
මැයි මස 12/13 සහ 14 යන දිනවලදී එම මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය දින ලබා දුන්නේ. අදාළ පාර්ශ්වයන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් ඉදිරිපත්ව තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බව අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඔවුන් වෙනුවෙන් අද දිනයේදී පෞද්ගලික නීතිඥවරුන් දෙදෙනෙකු පෙණී සිටියා. පෙත්සම්වපට එරෙහි විරෝධතා මාර්තු 06 වනදා වන විට ගොණුකරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකරුවන්ට නියෝග කළේ. ප්රතිවිරෝධතා මාර්තු 27 වනදා ගොණු කිරීමට පෙත්සම්කරුවන්ට නියෝග කළා.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඔවුන් ලබන 03 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂිත පුද්ගලයන් 11 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමිසිංහ මහතාද වනවා.