කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය අසලදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් එක්අයෙකු බරපතල තුවාල ලැබුවා.
බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදු වුණේ. ත්‍රීරෝද රථයේ ගමන් කළ 26 හැවිරිදි තරුණියක සහ 21 හැවිරිදි තරුණයෙකු අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණා. ත්‍රි රෝද රථයේ රියදුරු බරපතල තුවාල ලබා කෑගල්ල මහරෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.