නීති විරෝධීලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ මුහුදු හක්බෙල්ලන් සහ කොරල්පර තොගයක් සමග සැකකරුවකු පොළොන්නරුව ගල්ලෑල්ල ප්රදේශයෙදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විසිතුරු මසුන් අලෙවිකරන ස්ථානයකයි මෙම මුහුදු හක්බෙල්ලන් සහ කොරල් තොගය සඟවා තිබුණේ. පොළොන්නරුව වනජීවී කාර්යාල නිලධාරීන් එම ස්ථානය සෝදිසි කිරීමේදී ඒවා අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42 ක් වන පුද්ගලයකු බවයි පොලීසිය සඳහන් කළේ. ඔහු පොලොන්නරුව දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.