2020 අවසන් වනවිට චීනයේ සියලු ප්රධාන නගරවල එක් වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.
2022 වනවිට සියලුම නගරවල එවැනි ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීමට තීරණය කර ඇති බවයි ප්රවෘත්ති වාර්තා සඳහන් කළේ. ලොව විශාලතම ප්ලාස්ටික් පාරිභෝගිකයන් අතරින් එක් රටක් ලෙසයි චීනය සැලකෙන්නේ. බිලියන 1.4ක ජන ගහණයක් ද සමඟින් කසල ගැටලුවට චීනය බරපතල ලෙස මුහුණදෙමින් සිටිනවා. එරට විශාලතම කසළ කන්ද නියමිත කාලයට වසර 25 තිබියදී උපරිම ධාරිතාව ඉක්මවා ඇති බව ද චීන වාර්තා සඳහන් කළා.