දින දෙකක් තුළ නව වෛරසය ආසාදනයවූවන් 139 දෙනෙකු හඳුනාගත් බව චීනය පවසනවා.
හඳුනා නොගත් නව වෛරසයක් හේතුවෙන් චීනය තුළ මෙම තත්වය මතුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. වුහාන් ප්‍රදේශයෙන් පළමු වරට මෙම වෛරසය හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ වනවිට වෛරසය ආසාදනයවූවන්ගේ සංඛ්‍යාව දෙසීය ඉක්මවන බවයි සෞඛ්‍ය වාර්තා සඳහන් කරන්නේ. මරණ තුනක් ද වාර්තා වුණා. කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන්නේ වෛරසය ආසාදනයවූ සංඛ්‍යාව සත්‍ය ලෙසම මීට වඩා වැඩි බවයි.