වෙනත් විකල්පයක් නොමැතිවීම හේතුවෙන් රාජකීය ජීවිතයෙන් ඉවත්වීමට තීරණය කළ බව හැරී කුමරු ප්‍රකාශ කළා. ඒ මධ්‍යම ලන්ඩනයේ පැවැති උත්සවයකට එක්වෙමින්.
රාජකීය නම්බුනාමයන් අතහැරීමට තීරණය කිරීමෙන් පසු හැරී කුමරු ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ අදහස් පළකළ පළමු අවස්ථාව ද මෙයයි. තමා සහ මේගන් පවුලෙන් ඉවත්ව යාමක් ලෙස මෙය හැඳින්විය නොහැකි බව ද ඔහු සඳහන් කළා. බි්රතාන්ය සැමවිටම මගේ නිවස සහ මා ආදරය කරන ස්ථානයක් වන අතර එය කිසිවිටෙකත් වෙනස් නොවන බව ද හැරී කුමරු ප්‍රකාශ කර තිබෙනවා. මේ මස මුලදී හැරී සහ මේගන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ රාජකීය පවුලේ ජේ්‍යෂ්ඨ සාමාජිකයන් ලෙස සිදුකරන කටයුතු වලින් ඉවත්වී මූල්‍ය වශයෙන් ස්වාධීනවීමට අදහස් කරන බවයි. කුමාරයෙකු හෝ ආධිපාදවරයෙකු ලෙස නොව සාමාන්‍ය හැරී ලෙස තමාට ජිවිතය බෙදාගැනීමට අවශ්‍ය බව ද ඔහු සඳහන් කළා. මහජන අරමුදල් නොමැතිව රැජිණට පොදු රාජ්‍ය මණ්ඩලයට සහ හමුදා සමාගම් වලට තවදුරටත් සේවය කිරීමට තමන්ට අවශ්‍ය වූ බවයි ඔහු ප්‍රකාශ කළේ. එහෙත් අවාසනාවකට එවැනි තීරණයකට රාජකීය සම්ප්රදාය තුළ ඉඩ නොමැති බව හැරී කුමරු සඳහන් කර තිබෙනවා. කෙසේවෙතත් දෙවන එළිසබත් රැජිණ වන තම මිත්තණියට හැමවිටම ගරු කරන බවයි එහිදී හැරී කුමරු සඳහන් කළේ.