රැකියා අපේක්ෂිත සියලු උපාධිධාරීන් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා.
දිවයින පුරා රැකියා අපේක්ෂීත උපාධිධාරීන් නියෝජනය කරමින් පැමිණි පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවති හමුවකදීයි ජනාධිපතිතුමා මේ බව කියාසිටියේ. රාජ්ය, අර්ධ රාජ්ය හා දෙපාර්තමේන්තු අතර පවතින පුරප්පාඩු පිළිබඳ මේ වන විට තොරතුරු රැස්කර තිබෙනවා. රැකියා ලාභීන්ට නායකත්වය හා රාජ්ය සේවය පිළිබඳ විධිමත් පුහුණුවක් සහ අවබෝධයක් ලබා දීමට ද නියමිතයි. ජනතාවට වග කියන රාජ්ය සේවයක් හා රාජ්ය සේවකයෙකු බිහි කිරීම තම අරමුණ බව ද ජනාධිපතිතුමා කියා සිටියා. මැතිඇමතිවරුන් රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Q5F7fd5Q2e8″]