පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ජනාධිපති කොමිෂන් සභාව අද දිනයේත් සාක්ෂි සටහන් කර ගත්තා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයේ සිටින පුද්ගලයෙකු අද දිනයේත් කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් ජනාධිපති කොමිසම මාධ්‍ය වෙත ලබා දුන්නේ නැහැ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හමුවේ ඊයේ දිනයේ සාක්ෂි ලබා දුන් පුද්ගලයා අද දිනයේත් කොමිසම වෙත කැඳවා තිබුණා. ඔහුගේ ප්‍රකාශ කිසිවක් මාධ්‍යයට ලබා නොදෙන ලෙස ඊයේ දිනයේදී එම පුද්ගලයා ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව අද දිනයේ ඔහුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මාධ්‍ය වෙත නිකුත් කෙරුණේ නැහැ. ඊයේ දිනයේදී මෙම පුද්ගලයා සාක්ෂි ලබා දෙමින් කියාසිටියේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම් බෝම්බ නිෂ්පාදනය කිරීමට ඉගෙන ගත්තේ මෙරට මාධ්‍ය තුළින් විකාශය කළ බෝම්බ නිෂ්පාදනය කිරීම පිළිබඳ පොලිස් නිලධාරියෙකුගේ පැහැදිලි කිරීමකින් බවයි.