එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එම්සීසී ගිවිසුම පාර්ලිමේන්තුවටත්, ජනතාවටත් වසන් කර අත්සන් කිරීමට සූදානම් වෙද්දි වචනයකින් වත් ඊට එරෙහි නොවූ විපක්ෂ නායකවරයා වත්මන් ආණ්ඩුවට ගිවිසුම ගැන දැනමුතුකම් දීම විමතියට කරුණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
විශේෂ නිවේදනයක් නිකුත් කරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කරන්නේ.
එම්සීසී ගිවිසුම ඉරාදැමිය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ බොහෝ පිරිසක් අදවන විට ප්‍රකාශ කරනවා. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා මෙන්ම කැබිනට් මණ්ඩලයේ ප්‍රබල සාමාජිකයකු වූ වත්මන් විපක්ෂ නායකවරයා එම ගිවිසුම හදිසියේ අත්සන් කිරීමට සූදානම් වන අවස්ථාවේ කිසිවක් ප්‍රකාශ නොකළ බව මහින්ද රාජපක්ෂ මහතා සිහිපත් කරනවා. එම අවස්ථාවේ නිවේදනයක් නිකුත් කරමින් එම්සීසී ගිවිසුම අත්සන් කිරීම සදාචාර නොවන බව තමා ප්‍රකාශ කළ බවයි අග්‍රාමාත්‍යවරයා සදහන් සදහන් කරන්නේ. ජනාධිපතිවරණයෙන් පසුව ජනවරම ලැබූ පාර්ශ්වය ඒ පිළිබද තීන්දුවක් ගත යුතු බවට තමා අවධාරණය කළ බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අත්තනෝමතිකව ගිවිසුම අත්සන් කිරීමට සූදානම් වෙද්දි එය වැලැක්වීමට පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ සිදුකළ උපවාසය ද අග්‍රාමාත්‍යවරයා සිහිපත් කරනවා. එම සියලු අවස්ථාවලදී නිහඩව සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගිවිසුම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට උපදෙස් ලබාදීම මවිතයට කරුණක් බවයි අග්‍රාමාත්‍යවරයා සදහන් කරන්නේ.
වත්මන් ආණ්ඩුව රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් තබන්නේ නැති බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.