ඇමෙරිකාවේ ප්රදේශ රැසකට බලපා ඇති හිම කුණාටුවක් හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
ඇමෙරිකාවේ ගිණිකොන ඇතුළු ප්රදේශ රැසකට මෙම හිම කුණාටුව බලපා තිබෙනවා. මේ හේතුවෙන් මිලියන සියයකට වැඩි ඇමෙරිකානු ජනතාවගේ ජන ජීවිතයට බාධා එල්ල වී ඇති බව සඳහන්. අධික හිමපතනය හේතුවෙන් චිකාගෝ ප්රාන්තය , කැන්සාස් නගරය ඇතුළු ප්රදේශ රැසක ගුවන්ගමන් තාවකාලිකව නතර කර තිබෙනවා. උතුරු ඩකෝටා , දකුණු ඩකෝටා, මිනසෝටා ඇතුළු ප්රාන්ත රැසක හිම කුණාටුව පැයට කිලෝමීටර් 80 ක වේගයෙන් හමායන බව සඳහන්.