fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්ත – දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ හතරවන දිනය අද

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2020 10:06

එංගලන්ත – දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ හතරවන දිනය අද

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ හතරවන දිනය අදයි.

පෝර්ට් එලිසබෙත්හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. එංගලන්ත කන්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 09ක් දැවි ලකුණු 499ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඔලී පෝප් නොදැවී ලකුණු 135යි.  පන්දු යැවිමේදී කේෂව මහරාජ් කඩුලු 05ක් බිඳ හෙලුවා. සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ දිනයට තරගය නතර කරන විට කඩුලු 06ක් දැවි ලකුණු 208 ක් ලබා සිටියා. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ක්‍රියාත්මක කිරිමට හැකි වුයේ පන්දුවාර 64ක් පමණයි. පන්දු යැවිමේදී ඩොමිනික් බෙස් කඩුලු 05ක් බිඳ හෙලුවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2020 10:06

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්