සෙල්ලකතරගමදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් පුද්ගලයින් 34 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හංවැල්ල ප්රදේශයේ සිට වන්දනාවේ පැමිණි බිමත් පුද්ගලයින් පිරිසක් නිරුවතින් මැණික් ගඟේ දියනාමින් සිටියදි ගම්වාසීන් ඊට විරෝධය පළ කර තිබෙනවා. එහිදි උරණ වු බිමත් වන්දනාකරුවන් ගම්වාසින්ට පහර දීමට යාමෙනුයි මෙම ගැටුම හට ගෙන තිබෙන්නේ. මෙම සිද්ධියෙන් කාන්තාවක් ඇතුලු පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. තුවාලකරුවන් කතරගම රෝහලට ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අද තිස්සමහාරාම මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.