පසුගිය රජය සිදුකළේ ජනතා සේවය වෙනුවට දේශපාලන නායකයින්ට කප්පම් ලබා දීමයි
Related Articles
පසුගිය රජය සිදුකළේ ජනතා සේවය වෙනුවට දේශපාලන නායකයින්ට කප්පම් ලබා දීම බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. උතුරු පළාතේ කර්මාන්ත කරුවන්ගේ ගැටළු සොයා බැලීමට කළ සංචාරයකින් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළකලා.
වව්නියාව පූන්තෝට්ටම් කර්මාන්ත පුරවරයේ ව්‍යවසායකයින්ගේ ගැටලු පිළිබද සොයා බැලීමට අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු කළා. ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි විමර්ශන අංශ වෙත ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.