නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමග පුද්ගලයන් පස් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රේගු නිලධාරීන් සිදුකළ වැටලීමකින්. ඩුබායි සිට පැමිණි මෙම පුද්ගලයන්ගේ ගමන් මළුවල සුක්ෂමව සඟවා තිබූ දුම්වැටි තොගය සොයාගෙන තිබෙනවා. ඉන් පසුව භාණ්ඩ නිෂ්කාසන ප්රදේශයේ දමාගොස් තිබි තවත් දුම්වැටි තොගයක් හමුවුණා.
මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් දෙකෝටියකට ආසන්න බවයි රේගු අධිකාරිය පවසන්නේ. සැකකරුවන් කුරුණෑගල ප්රදේශයේ පදිංචි කරුවන්.