2012 වසරේ දිල්ලියේ දී ධාවනය වෙමින් තිබූ බස් රථයක් තුළ වෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දූෂණයට ලක්කර මරාදැමූ සිද්ධියේ තරුණයින් සිව්දෙනාට මරණ දඩුවම නියමකර තිබෙනවා.
2012 වසරේ දෙසැම්බර් 16 වනදා දිල්ලි නගරයේ බස් රථයක් තුළ 23 හැවිරිදි ජෝති සිං නමැති තරුණිය දූෂණයට ලක්කර තිබුණා. තම පෙම්වතා සමග යමින් සිටියදී ජෝති සිං අමානුෂික ලෙස සමූහ දූෂණයට ලක්කර ගමන්කරමින් තිබූ බස් රථයෙන් පිටතට තල්ලුකර තිබුණා. එහිදී ඇයට බරපතල තුවාල සිදුවූ ඇය වැඩිදුර ප්‍රතිකාර සදහා සිංගප්පූරු රෝහලකට යොමුකෙරුන ද 2012 වසරේ දෙසැම්බර් 29 වනදා ඇය මියගියා. මෙම සිද්ධිය ලෝකයේ ප්‍රකට වූයේ නිර්භයා සමූහ දූෂණය ලෙසයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකළ අතර මේ දක්වා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වුණා.
ඉන් අනතුරුවයි එරට අධිකරණය සැකකරුවන්ට මරණ දඩුවම නියම කළේ. ඒ අනුව අපරාධකරුවන් 4 දෙනා පෙබරවාරි පළමුවනදා තිහාර් බනධනාගාරයේදී එල්ලා මරාදැමීමට නියමිතව තිබෙනවා. ඔවුන්ට මරණ දඩුවම එක්වර ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ සදහා නව පෝරකයක් ද සකස්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්දියාවේ එකම අවස්ථාවේදී සිව්දෙනෙකු පෝරකයේ එල්ලමරණ පළමු අවස්ථාව මෙයයි.