ග්‍රෑන්ඩ්ස්පාස් මාදම්පිටිය කසල කන්දේ ගින්නක් හටගෙන තිබෙනවා.
අද (18) පස්වරුවේ හටගත් ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි රථ 4 ක් යොදවා ඇති බවයි කොළඹ ගිනි නිවන ඒකකය සදහන් කළේ. කාර්ය මණ්ඩලයේ 16 දෙනෙක් ඊට එක්ව සිටිනවා. ගින්න මැඩපැවැත්වීම සදහා මට්ටක්කුලිය යුද හමුදා කදවුරේ හමුදා බල ඇණියක් ද කැදවූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළා.
ගින්න නිවාදැමීම සදහා ජලය සැපයීමේ අඩුවක් පවතින බැවින් කැලණි ගගෙන් ජලය රැගෙන ඒමට සිදුව ඇති බවද කොළඹ ගිනි නිවන ඒකකයේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළා.