fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා වෛරස ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 16:34

කොරෝනා වෛරස ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

චීනයේ වුහාන් නගරයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරස රෝගය පිළිබද අවධානයෙන් පසුවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

චීනයෙන් වාර්තා වූ නව කෙරෝනා වෛරසය හේතුවෙන් විදේශ ගමන් සදහා සීමාවක් පැනවීම අවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශකර තිබෙනවා. වර්තමාන තත්ත්වය අනුව ශ්‍රී ලාංකිකයින් ද තම විදෙස් ගමන් බිමන් සීමා කිරීමේ අවශ්‍යතාවක් නැති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. මෙරට සෞඛ්‍ය අංශ මෙම රෝග තත්ත්වය පිළිබදව දැඩි අවධානයෙන් පසුවන අතර එම රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් මෙරටට පැමිණෙන්නේදැයි හදුනා ගැනීම සදහා කටුණායක ගුවන් තොටුපොල සෞඛ්‍ය ඒකකය දැනුවත්කර තිබෙනවා.

මෙම රෝගය ඇතුළු ශ්වසන රෝග වලින් වැළකීම සදහා පහත සදහන් පියවර අනුගමනය කිරීම වඩාත් යෝග්‍ය බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

කහිනවිට හා කිවිසුම් පිටකරනවිට ලේන්සුවකින් මුව ආවරණය කිරීම,  දෑත් නිතර සබන් යොදා පිරිසිදු කිරීම,  නිතර මුහුණ හා නාසය ඇල්ලීමෙන් වැළකී සිටීම හා ජනාකීර්ණ ස්ථානවල අනවශ්‍ය පරිදි ගැවසීම අවම කිරීම අත්‍යවශ්‍ය වනවා.

විශේෂයෙන්ම කුඩා දරුවන්,  ගර්භනී මව්වරුන් මෙන්ම වැඩිහිටියන් මේ පිළිබද වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බවයි සෞඛය නිලධාරීන් අවධාරණය කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 16:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්